
ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවන බවට සැක කරන හෙරොයින් ජාවාරමක
ප්‍රධාන බෙදා හැරීමේ කටයුතු වල නිරත සැකකරුවෙක් ඇතුළු හොරොයින්
ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගත් බව
කැප්පෙටිපොල පොලිසිය පවසනවා.
කැප්පෙටිපොල පොලිසියට ලද තොරතුරක් මත සිදු කල දීර්ඝ විමර්ශණයකින්
පසු ඊයේ (25) මෙම බෙදා හැරීමේ ජාලායට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඌව
පරණගම අඹගස්දෝව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව සඳහන්.
ඔහු වයස අවුරුදු 24 ක වන තරුණයෙකි.
මෙම හෙරොයින් ජාවාරම ඩුබායි රාජ්‍යයේ සිට අඹුසැමි යුවලක් විසින් මෙහෙයව
බවට පොලිසිය සැක කරන අතර ඊෂිකෑෂ් ක්‍රමයට මෙම හෙරොයින් බෙදා හැරීම
සිදු කර ඇති බවට මූලික පොලිස් විමර්ශණ වලින් අනාවරණය වි ඇත.
වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ජාවාරමට අදාල තොරතුරු හුවමාරු කර
ගෙන ඇති අතර මෙම ප්‍රධාන සැකකරු වැලිමඩ , ඇල්ල , ඌව පරණගම ,
බණ්ඩාරවෙල , නුවරඑළීය , හාලිඇල , බදුල්ල ආදී ප්‍රදේශවල ගැනුම් කරුවන්ට
හෙරොයින් අලෙවි කිරීමේ නිරතව ඇති බවත් කැප්පෙටිපොල පොලිසිය පවසනවා.
මෙම සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් හෙරොයින් පැකැට් වල වටිනාකම
රුපියල් ලක්ෂ 10 ක් පමණ වෙතැයි පැවසෙනවා.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබනවා.