
හමුදාව මන්නාරම ඉලුප්පුකඩවායි මුහුදු ප්රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී ලෙස රාත්රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදි තිස් හය දෙනෙකු (36) නාවික හමුදාව භාරයට ගෙන ඇති අතර
ඔවුන් සමඟ ඩිංගි යාත්රා හයක් (06) මුහුදු කූඩැල්ලන් එක්දහස්
හත්සිය පනහක් (1750) සහ කිමිදුම් උපකරණ සිය භාරයට ගත් බව
නාවික හමුදාව පවසනවා.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 22 ත් 59 ත් අතර වයසේ
පසුවන ඉලුප්පුකඩවායි සහ නච්චිකුඩා යන ප්රදේශයන්හි පදිංචිකරුවන් බවට
හඳුනා ගෙන ඇත.
එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්රා සහ කිමිදුම් උපකරණ
සමග ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම පූනකරි ධීවර පරීක්ෂක කාර්යාලය
වෙත භාර දී තිබෙනවා.
පසුව කිලිනොච්චි ධීවර පරීක්ෂක කාර්යාලයෙන් ලද උපදෙස් මත මුහුදු කූඩැල්ලන්
තොගය නච්චිකුඩා ජැටිය ආශ්රිත මුහුදු ප්රදේශය වෙත නිදහස් කිරීමට කටයුතු
කරනු ලැබුවා.