
ගෙවි ගිය දෙසතියක පමණ කාලය තුල නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ මෙහෙයුම් වලදි නීති විරෝධීව තහනම් උපකරණ භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවු විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධීව ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 77 දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා. ත්‍රිකුණාමලය, කතන්තලෙයි, කරුමලයූතෘ, වාලච්චේනයි, කල්ලරාව, කින්නියා, තුඩුව, කායන්කේනි, බෝල්ඩර් පොයින්ට්, සාම්පූර්, චිලාවත්තායි, ඉරක්කණ්ඩි, මොහොත්තුවාරම්, පනිච්චන්කේනි, නන්දිකඩාල් කලපුව, යාපනය වෙත්තලකේනි, පේදුරු තුඩුව, මන්නාරම් සාවාරිපුරම්, වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කොට තිබෙනවා. පුද්ගලයින්ට අමතරව ඩිංගි යාත්‍රා දහහතක් (17) ට්‍රැක්ටර් රථ හයක් (06) සහ වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන්, මුහුදු කූඩැල්ලන්, වාණිජ පුපුරණ ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න, ට්‍රැක්ටර් රථ සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා කෝකිලායි, මුලතිව්, යාපනය, වාලච්චේනයි, කුච්චවේලි, සිලාවතුර සහ කින්නියා යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයන් වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.