
දකුණු ඉතියෝපියාවේ ගාමෝ (Gamo) කලාපයේ සිදුවූ දරුණු නායයෑම් සහ ගංවතුර තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව අවම වශයෙන් 64 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තවත් පුද්ගලයින් 128 දෙනෙකු පමණ මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් සඳහන්.
ගාමෝ කලාපයේ Gacho Baba, Kamba සහ Bonke යන ප්‍රදේශවලට මෙම තත්ත්වය දරුණු ලෙස බලපා ඇත.
මියගිය පිරිස අතර බහුතරයක් නායයෑම්වලදී නිවාස තුළම පස්වලට යටවීමෙන් ජීවිතක්ෂයට පත්වූවන් වන බව සඳහන්.
පවතින අයහපත් කාලගුණය සහ මාර්ග අවහිරතා හේතුවෙන් මුදාගැනීමේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.