
මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය නොසන්සුන්තාවය හමුවේ ඉන්දියාව සුවිශේෂී රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයක් අත්කරගෙන තිබේ.
ඒ ,හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ඉන්දියානු තෙල් ප්‍රවාහන නෞකාවලට කිසිදු බාධාවකින් තොරව ගමන් කිරීමට ඉරානය අවසර ලබා දීමත් සමඟයි.
මෙම තීරණය ගෙන ඇත්තේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අතර ඉකුත් දා (මාර්තු 10) පැවති තීරණාත්මක දුරකථන සංවාදයකින් අනතුරුවය.
‘පුෂ්පක්’ සහ ‘පරිමාල්’ නෞකාවලට ආරක්ෂාව :
ඒ අනුව පවතින ගැටුම් හේතුවෙන් ඇමරිකාව, යුරෝපය සහ ඊශ්‍රායලයට සම්බන්ධ නෞකාවලට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමේදී දැඩි සීමාවන් සහ ප්‍රහාරාත්මක අවදානම් එල්ල වී තිබේ.
එහෙත්, ඉරානයේ විශේෂ අනුමැතිය මත ‘පුෂ්පක්’ (Pushpak) සහ ‘පරිමාල්’ (Parimal) යන ඉන්දියානු ධජය සහිත තෙල් නැව් දෙක මේ වන විට ආරක්ෂිතව එම කලාපය පසුකරමින් සිටින බව වාර්තා වේ.