
2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් 'අයවැය කථාව' නොවැම්බර් 12 වැනිදා සිදුකිරීමට නියමිතය.
විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීම සැප්තැම්බර් මස 18 වන දින සිදුකෙරේ.
මුදල් අමාත්‍යංශයට අනුව, එය පළමු වර කියවීම ඔක්තෝබර් මස 07 වන දින සිදුවනු ඇති.
අමාත්‍යංශ අනුව වියදම් ඇස්තමේන්තු ඇතුළත් 2027 විසර්ජන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා සැප්තැම්බර් මස 14 වන දින යොමු කිරිමට නියමිතයි.
අනතුරුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 13 වැනිදා සිට 20 වැනිදා දක්වා සිදු කෙරේ.
කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.