අගෝස්තු 14 වැනිදායින් ලොවපුරා තිරගතවීම් ඇරඹුණු 'Coolie', මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරමින් පසුවනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව, චිත්‍රපටය දින 5ක් ඇතුළත ඉන්දියාවේ පමණක් රුපියල් කෝටි 200ක (ඉන්දීය රුපියල් කෝටි 206.5ක්) ආදායමක් උපයා තිබෙනවා.
එහි සමස්ත ලෝක ව්‍යාප්ත ආදායම රුපියල් කෝටි 400 ඉක්මවා ඇති බව සඳහන්.
චිත්‍රපටයේ පළමු දින ආදායම වාර්තා වූයේ, ඉන්දීය රුපියල් කෝටි 65ක් ලෙසයි.
එහි සති අන්ත ආදායමෙහි සුළු අඩුවීමක් පෙන්නුම් කළ බවටත් තොරතුරු වාර්තා වනවා.
'Coolie' තිරගත වන්නේ, රිතික් රඟන 'War 2' චිත්‍රපටයත් සමඟ තරගකාරීවයි.
කොහොම නමුත් 'Coolie' දින 5ක් ඇතුළත ලද ආදායම ‘War 2’හි ආදායම පවා අභිබවා යාමට සමත් වීම විශේෂයි.
ඉන්දීය ආරංචි මාර්ගවලට අනුව ‘Coolie’, රජිනිකාන්ත්ගේ 'Vettaiyan’ සහ ‘Darbar’ චිත්‍රපටවල සමස්ත ආදායම ද ඉක්මවනු ඇති.
කෙසේ නමුත් ඊට 'Jailer’ හි ආදායමට ළඟා වීම අභියෝගයක් වනු ඇති බවයි කියවෙන්නේ.
‘Coolie’ ලෝකේෂ් කනගරාජ්ගේ සුප්‍රකට cinematic universe හි කොටසක් නොවී, ස්වාධීන චිත්‍රපටයක් ලෙස නිෂ්පාදනය කර තිබීම විශේෂයි.
රජිනිකාන්ත් සමඟින් නාගාර්ජුන අක්කිනේනි, අමීර් ඛාන්, පූජා හෙග්ඩේ, උපේන්ද්‍රා, ශ්රැති හසන්, සත්‍යරාජ්, රචිතා රාම් රඟන ‘Coolie’හි සංගීත අධ්‍යක්ෂණය අනිරුද් රවිචන්දර් විසිනි.
චිත්‍රපටය 2023 සැප්තැම්බර් මාසයේදී නිල වශයෙන් ''Thalaivar 171'' ලෙස නිවේදනය කළ අතර, එහි නිල තේමාව 2024 අප්‍රේල් මාසයේදී නිවේදනය කෙරිණ.
මෙහි රූගත කිරීම් චෙන්නායි හිදී ආරම්භ වූ අතර ඉන් පසුව හයිද්‍රාබාද්, විශාකාපට්නම්, ජායිපූර් සහ බැංකොක් හි රූගත කරන ලදී.
‘Coolie’, වසරේ වැඩිම ආදායම් වාර්තා තබන ලද චිත්‍රපටය වනු ඇති බව විචාරක මතයයි.