
2026 රජයේ ආධාර මගින් ඉදිකරන ලද නව නිවාස 3,000ක් නොවැම්බර් 23 සිට 27 දක්වා දිවයින පුරා ජනතා අයිතියට පත් කිරීමේ ජාතික වැඩසටහන අද (23) ආරම්භ කෙරුණු අතර දිවයින පුරා නිවාස රැසක විවෘත කිරීම් අද සිදු කෙරේ.
ඊට සමගාමීව රත්නපුර දිස්ත්‍රික්කයේ ඉදිකළ නිවාස කිහිපයක් විවෘත කිරීම අද සිදු කෙරුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙනි.
නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කෙරෙන "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 10ක මූල්‍යාධාර මත සහ ප්‍රදේශවාසීන්ගේ ශ්‍රම දායකත්වය ද ඇතිව මෙම නිවාස ඉදිකර ඇත.
අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස ගැටලුව විසඳීම අරමුණු කරගනිමින් නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය මඟින් පමණක් 2026 වසර තුළ දිවයින පුරා නිවාස 12,000කට වැඩි සංඛ්‍යාවක් ඉදිකිරීමට පියවර ගෙන ඇති අතර එහි එක් අදියරක් ලෙස නොවැම්බර් 23 සිට 27 දක්වා සතිය තුළ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙලෙස නව නිවාස 3,000ක් ජනතාව වෙත භාර දීම සිදු කෙරේ.