
කොඩිකාමම් පොලිස් වසමේ මිරුසුවිල් ප්රදේශයේදී ටී-56 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කරන පතරොම් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු කොඩිකාමම් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (22) සවස ලැබුණු තොරතුරකට අනුව කොඩිකාමම් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මිරුසුවිල් ප්රදේශයේදී යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී මෙම පතරොම් තොගය සොයාගෙන ඇත.
එහිදි ටී-56 පතොරම් 96ක් සොයා ගත් අතර පසුව යතුරු පැදියේ පැමිණි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 හා 31 වයස්වල පසුවන එළුඳුමට්ටුවාල් ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.