
පාසලේ පෙරදිග ශිෂ්‍යභට තූර්ය වාදන කණ්ඩායමේ සිසුවියකට හිමිව තිබූ ඊළඟ නිලයට සුදුසුකම් ලබාගැනීමේ පරීක්ෂණයට යෑම සඳහා අවශ්‍ය අනුමැතිය ලබානොදීමෙන් එම සිසුවියගේ මානව හිමිකම් කඩ වී ඇති බවට නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විදුහලේ විදුහල්පතිනියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
ඒ, පාසලෙන් එම නිලයට උසස් වීමට සුදුසුකම් ලැබූ එකම සිසුවිය ඇය වන නිසාවෙන් මෙලෙස අනුමැතිය ලබා නොදීම පැහැදිලිව ම මානව හිමිකම් කඩවීමක් ලෙස ඔප්පු වනු ඇති බව පෙන්වා දෙමින්.
විද්‍යාලයේ අභ්‍යන්තර තොරතුරුවලට අනුව මෙය පුහුණුකරුගේ අවශ්‍යතාවය මත සිදු වූවක් බවට දෙමාපියන් පිරිසක් චෝදනා කර සිටියි.
එමෙන්ම විද්‍යාලයේ තවත් සිසුවියන් මෙම පුහුණුකරු නිසා පෙරදිග ශිෂ්‍යභට තූර්ය වාදන කණ්ඩායම හැරගිය බවට ද තොරතුරු වාර්තාවී තිබේ.
මේ අතර මෙම පුහුණුකරු පසුගිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියේදී වෙනත් පාසලක සිසුවියක් පවා යොදවාගෙන පාසල් කැඩෙට් කණ්ඩායම ලෙස පෙන්වා සියල්ලන්ම නොමඟ යැවීමට ද කටයුතු කර ඇති බවත් සඳහන්.