
නුවරඑළිය සංචාරක නිකේතනයේදී භෞත චිකිත්සකවරියක් ඝාතනය කිරීම සහ ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය පැය 48ක කාලයක් රඳවා තබාගෙන ප්රශ්න කිරීමට නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණය නුවරඑළිය පොලිසියට අද (25) අවසර ලබා දී තිබේ.
ඒ අනුව නාරම්මල ප්රදේශයේ පදිංචි 43 හැවිරිදි ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්රීයාන් ජයසුන්දර, සැකකරුගේ බිරිද වන රත්නායක මුදියන්සේලාගේ නෙත්මි අමායා රත්නායක (35) සහ ඝාතනයට සහයෝගය ලබා දුන් කුණඩසාලේ ප්රාදේශීය සභාවේ රියැදුරු ජයසිංහ ආරච්චිගේ රජිත සාලිය සමරසිංහ (49) යන අයගෙන් ප්රශ්න කිරීමට නියමිතය.
ප්රධාන සැකකරු සහ සැකකරුගේ බිරිඳ, දරුවා වැල්ලවත්තේ සිට යාපනේ දක්වා ධාවනය වූ බස් රථයේ ගමන් කරමින් සිටියදී වලාන දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් යාපනේ කයිතඩි ප්රදේශයේදි අත්අඩංගුවට ගෙන සැකකාර අඹුසැමි යුවල නුවරඑලිය පොලිසිය වෙත ඊයේ (24) රාත්රියේ භාර දෙනු ලැබීය.