
අයුතු අවහිරය ,පහරදී කැමැත්තෙන් තුවාල සිදුකිරීම,පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරනීය තර්ජනය කිරීම සහ තුවාල සිදුකිරීම යන චෝදනා සම්බන්දයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට සහ ඔහුගේ රියදුරා සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බදුල්ල මහාධිකරනයේ පැවරූ නඩුවක් විභාග කල බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා චමින්ද විජේසිරි මහතා සහ රියදුරු බන්දුල රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා චෝදනා හතරට සහ ඇමති ආරක්ශක සේවයේ පොලිස් නිලධාරී රසික කරුනාතිලක චෝදනා තුනකට වැරදිකරුවන් බවට තීරණය කර තිබෙනවා. අද එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ජූලි 28 දක්වා කල් තබා තිබෙනවා. කෙසේ නමුත් රියදුරු බන්දුල රත්නායක මියගගොස් ඇති බවද මෙහිදී අනාවරණය වුණා. 2019 වසරේ පෙබරවාරි 10 වනදා හෝ ඒ ආසන්න දිනක පස්වරුවේ බන්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී, ඔහුගේ ජීප් රථය පොලිස් ජීප් රථයක් විසින් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇතිවූ බව කියන බහින් බස්වීමක් මෙම සිද්ධියට මුල්වී ඇති බව නඩු විභාගයේදී අනාවරණය වුණා. තමන් පසු කරගෙන ගිය පොලිස් ජීප් රථයේ මඟ හරස් කළ හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස, එහි සිටි නිලධාරීන්ට මරනීය තර්ජනය කර පහරදී තුවාල සිදු කර ඇති බවද පැමිනිල්ල විසින් ප්‍රකාශ කර තිබෙනවා.