
නව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද දින (21) බලශක්ති අමාත්‍යාංශයේ දී සිය රාජකාරී භාරගැනීම සිදුකෙරුණා.
එම අවස්ථාවට, හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ද එක්ව සිටියා.
එහිදී නව අමාත්‍යවරයාට සුබ පැතුම් එකතු කරමින්, කුමාර ජයකොඩි මහතා ඉල්ලා සිටියේ අමාත්‍යාංශය හා සම්බන්ධ සියලු දෙනා නව අමාත්‍යවරයාට උපරිම සහයෝගය ලබාදෙන ලෙසයි.
අනුර කරුණාතිලක අමාත්‍යවරයා බලශක්ති අමාත්‍යංශයේ වැඩ භාර ගත් මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් රසල් අපොන්සු, නියෝජ්‍ය අමාත්‍ය අක්රම් අල්ලියාස්, නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් W. W. S. මංගල සහ බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියා.