
නවසීලන්ත කණ්ඩායම දකුණු අප්‍රිකාව කඩුලු නවයකින් පරාජය කරමින් මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (4) සමත් වුණා.
තරගය පැවැත්වුණේ, කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්රීඩාංගණයේදීයි.
නවසීලන්තය T20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ දෙවන අවස්ථාව වන්නේ මෙයයි.
දකුණු අප්‍රිකානු කණ්ඩායම අද තරගයට පිවිසියේ, තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙසිනි.
මෙම තරගයේ දකුණු අප්‍රිකාවෙන් හිමිවූ ලකුණු 170ක ඉලක්කය, නවසීලන්ත කණ්ඩායම විසින් තරගයේ 13(12.5) වන පන්දුවාරයේදී පසුකර යෑම විශේෂය.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ෆින් ඇලන් පන්දු 33කට පමණක් මුහුණදෙමින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 100කි.