
2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා 'විරෝධයක් නොමැති බව සඳහන් සහතිකය' (NOC) නිකුත් නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ගොනු කළ නීතිමය ක්‍රියාමාර්ගය පිළිබඳව නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව අයැද තිබේ.
ඔහු මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් සිය කනගාටුව පළ කර ඇත.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව ඔහු එහි සඳහන් කර තිබේ.
නුවන් තුෂාර මෙවර IPL තරගාවලියේදී RCB කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව සිටි නමුත්, නියමිත වේලාවට NOC සහතිකය නොලැබීම හේතුවෙන් ඔහුට IPL තරගාවලියට සහභාගී වීමට මෙතෙක් හැකි වී නැහැ.
ඒ අනුවයි නුවන් තුෂාර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි තමන්ට 'විරෝධයක් නොමැති බව සඳහන් සහතිකය' නිකුත් කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බල කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ක්‍රිකට් ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමු වුණේ.
ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔහු අසමත් වීම නිසා නුවන් තුෂාරට අයි.පී.එල් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ක්‍රිකට් ආයතනය අවසර ලබා නොදෙන ලදී.