
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ හිටපු පිතිකරු ඩේවිඩ් වෝනර්ට සිඩ්නි නුවරදී බීමත්ව රිය පැදවීමේ චෝදනාවක් එල්ල වී තිබෙනවා.
නැගෙනහිර සිඩ්නි හි මරූබ්‍රා (Maroubra) ප්‍රදේශයේදී සිදුකළ හදිසි පරීක්ෂාවකින් පසුවයි 39 හැවිරිදි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
වෝනර් පොලිස් ස්ථානයේදී සිදුකළ දෙවන පරීක්ෂණයෙන්ද බීමත්ව සිට නොමැති බවට තහවුරු වූ නමුත්, රුධිර මධ්‍යසාර සාන්ද්‍රණ ඉහළ අගයක් වාර්තා කර ඇති බව සඳහන්.
නිව් සවුත් වේල්ස් නීතියට අනුව, රුධිර මධ්‍යසාර සාන්ද්‍රණය 0.08 සහ 0.149 අතර පවතින රියදුරන්ට අදාළ වන "මධ්‍යම මට්ටමේ මධ්‍යසාර සාන්ද්‍රණය" (mid-range prescribed concentration of alcohol) යටතේ වෝනර්ට චෝදනා එල්ල වී තිබෙනවා.