
දුර්වල ක්රීඩා විලාසය හේතුවෙන්, T20 ලෝක කුසලාන තරගාවලියේ Semi Final වටයට පිවිසීමට අසමත් වීම හමුවේ, පාකිස්ථාන සංචිතයේ සියලුම ක්රීඩකයන්ට එරට ක්රිකට් ආයතනය විසින් පාකිස්ථාන රුපියල් මිලියන 5ක (අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 18,000ක් පමණ) දඩයක් නියම කර තිබේ.
අඛණ්ඩව සිව්වන වතාවටත් ICC පිරිමි තරඟාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වීම මෙම දඩය නියම කිරීමට ප්රධාන හේතුව වී තිබේ.
පකිස්ථාන කණ්ඩායමේ මෙම පසුබෑම එරට ප්රේක්ෂකයන්ගේ සහ බලධාරීන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර, විනය සහ දක්ෂතා ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.