
උත්සව සමය සඳහා ලබාදුන් QR සහනය අවසන් වන බවත්, හෙට (18) සිට යළිත් සුපුරුදු පරිදි QR ක්රමය ක්රියාත්මක බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
පසුගිය 11 වැනිදා සිට 18 වැනිදා දක්වා පෙට්රල් වාහන සඳහා ඉන්ධන නිකුත්කිරීමේ දී ‘QR’ ක්රමවේදය සැලකිල්ලට නොගැනීමට එම සංස්ථාව කටයුතු කළා.
එහි සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පැවසුවේ අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙම පියවර ගත් බවයි.
නමුත් එම වාහන සඳහා ඉන්ධන ලබාදීමේදී ක්රියාත්මක ඔත්තේ ඉරට්ටේ ක්රමය සැලකිල්ලට ගැනීම මේ දක්වා ම සිදුකෙරුණා.