
ගල් ඉබ්බන් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු
පුත්තලම කොට්ඨාස දූෂණ මර්ධන අංශයෙන් අත්අඩංගුවට ගෙන
තිබෙනවා.
පුත්තලම කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන්ට ලැබුණු
තොරතුරක් මත පුත්තලම කරඹ ප්රදේශයේදී වැටලීමක් සිදුකළා
එහිදි ගල් ඉබ්බන් 10 දෙනෙකු සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන්
දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
සැකකරුවන් 26 වියේ පසුවන පුත්තලම ප්රදේශයේ පදිංචිකරුවන් බව
සඳහන්.
සැකකරුවන් අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පුත්තලම
පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.