
ගෙවි ගිය පැය 24 තුල දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු
මිය ගොස් තිබෙනවා.
කොබෙයිගනේ , කුට්ටිගල සහ මහව යන ප්රදේශවලින් මෙම දිය අනතුරු
වාර්තාවනවා.
ඊයේ (17) කොබෙයිගනේ පොලිස් වසමේ දැදුරුඔයේ කුට්ටියාගහමුල
මංකඩේ දිය නාමින් සිටි පිරිසක් දියේ ගිලි අනතුරට පත් වුණා.
මෙහිදි පිරිමි පුද්ගලයින් 4 දෙනෙක්, කාන්තාවන් 3 දෙනෙක් සහ පාසල්
වයසේ ළමුන් 3 දෙනෙක් දියේ ගිලී අතුරුදන් වුණා.
මොවුන් අතරින් කාන්තාවක් හා තවත් පුද්ගලයෙකු බේරාගෙන රෝහල්
ගත කොට තිබෙනවා.
අතුරුදන්වුවන්ගේ සිරුරු මේවනවිට සොයාගෙන ඇති අතර මිය ගිය
අය අවුරුදු 70 ත් 09 ත් අතර වයස් කාණ්ඩවල පසුවන කඩවත,
කොබෙයිගනේ සහ උඩවෙල ප්රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.
මේ අතර ඊයේ (16) කුට්ටිගල පොලිස් වසමේ කච්චිගල වැවේ දිය නාමින්
සිටි පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බව කුට්ටිගල
පොලිසිය පවසනවා.
වයස අවුරුදු 60 ක් හා 78 ක් වන රඳාවාන හා ඉඹුල්ගොඩ ප්රදේශවල
පදිංචිකරුවන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බව පොලිසිය සඳහන්
කළා.
මොවුන් තවත් පිරිසක් සමග විනෝද චාරිකාවක් පැමිණ කච්චිගල වැවේ
දිය නාමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව විමර්ශනයේදී අනාවරණය
වී තිබෙනවා.
මේ අතර ඊයේ (16) මහව පොලිස් වසමේ උඩුවේරිය වැවේ දිය නාමින්
සිටි තරුණයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 17 ක් වයසැති මොරටුව ප්රදේශයේ
පදිංචිකරුවෙකි.
මිය ගිය තරුණයා ඥාති නිවසකට ගිය අවස්තාවේ උඩුවේරිය වැවේ දිය
නෑමට ගොස් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට විමර්ශනයේදී
අනාවරණය වී ඇත.