බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විජලනය තත්ත්වයක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පස්වරුවේ කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවීමට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණා.
ඒ අනුව හිටපු ජනපතිවරයා ජාතික රෝහලට මාරුකර යැවූ බවයි අප කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) අත්අඩංගුවට ගත් හිටපු ජනපතිවරයා, එළඹෙන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
අනතුරුව එතුමා ඊයේ රාත්‍රියේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළා.
ඒ, රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම යන සෞඛ්‍යයමය හේතූන් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරුන් කළ නිර්දේශ කිරීමත් සමඟයි.