දේශපාලන පළිගැනීම් සහ මර්දනයට එරෙහිව සමගි ජන බලවේගය, ජිනීවා මානව හිමිකම් කවුන්සලය වෙත පැමිණිල්ලක් භාරදී තිබෙනවා.
අද පෙරවරුවේ කොළඹ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොන්සලයේ කාර්යාලය වෙත ගිය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහ මයන්ත දිසානායක යන මහත්වරු මෙම ලිඛිත පැමිණිල්ල භාර දී තිබෙනවා.
ඉන් අනතුරුව මාධ්‍යවේදීන් අමතා අදහස් දැක්වූ වෛද්‍ය කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ, ප්රජාතන්ත්රවාදයට මරු පහරක් එල්ල කරමින්, මෙම ආණ්ඩුව මර්දනය හා දේශපාලන පළිගැනීම් සිදු කරමින් කටයුතු කරන බවයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගන්නේ ද මේ මර්දනය තුළ බව වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළා.
ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ සැප්තැම්බර් සැසිවාරය සඳහා මෙම පැමිණිල්ල භාරදුන් බව ද මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.