බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් සියලුම දෙනාගේ එකතුවෙන් පුළුල් බලයක් ගොඩනැගීමට තීරණය කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් කර ගැනීම ඇතුළු විපක්ෂයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් මෙම පුළුල් එකතුව ගොඩනැඟෙනු ඇතැයි විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයෙක් පැවසීය.
එම පුළුල් එකතුවේ පළමු පියවර ලෙස හිටපු ජනාධිපතිවරුන් ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයෝ රැසක් හෙට පෙරවරු දහයට මාධ්‍ය හමුවේ කරුණු දැක්වීමට නියමිතව ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ප්රමුඛ දේශපාලන නායකයෝ ද සමගි ජන බලවේගය ,එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලු සර්ව පාක්ෂික නියෝජිතයෝ ද මෙම එකතුවට සම්බන්ධ වීමට නියමිතව තිබේ.