බණ්ඩාරගම රත්නපුර ප්රධාන මාර්ගයේ බොල්ගොඩ පාලම අසලදී යතුරුපැදියකින් පැමිණි පුදගලයෙකු අද (21) පස්වරුවේ මෝටර් රථයක් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් මෝටර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි උණ්ඩ 20ක් පමණ එල්ල කර ඇති බවත් අප වාර්තාකරු සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්රියාත්මකයි.