දෙමටගොඩ දුම්රිය අංගනය අසල දී දුම්රියක් වැරදි මංතීරු මත ගමන්කිරීමේ ඇති වූ අවහිරතාවකින් මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රිය ප්රමාදයක් ඇතිව තිබේ.
අද (21) ප.ව. 6.45ට මරදාන සිට ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත තිබූ සීඝ්රගාමී රාත්රී තැපැල් දුම්රිය මෙලෙස ගමන්කර ඇත.
ඒ හේතුවෙන් ඇතිවූ මාර්ග අවහිරතාවයක් හේතුවෙන් ඉහළ සහ පහළ දෙසට ධාවනයවීමට නියමිත සියළුම දුම්රියන් ප්රමාද වී ධාවනය කෙරෙන බව සඳහන්.