කිසියම් ආයතනයක අනුමැතියකින් හෝ විශේෂ ශීතකරණයක තබමින් පානීය ජල බෝතල් වැඩි මිලට විකිණීම නීති විරෝධී බව පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, ව්‍යාපාරිකයන් විසින් සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඇතිව හෝ වෙනත් යම් ආයතනයක අනුමැතියක් ඇතැයි සඳහන් කරමින් ශීත කළ පානීය ජල බෝතල් වැඩිමිලට අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි.
එලෙස පානීය ජල බෝතල් වැඩිමිලට අලෙවි කිරීම වරදක් බවට පෙන්වාදෙන සභාපතිවරයා පවසන්නේ, පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ සඳහන් නියමිත මුදලට පමණක් පානීය ජල බෝතල් අලෙවි කරන ලෙසයි.
අධිකාරිය වෙත පානිය ජල බෝතල් මිල සම්බන්ධයෙන් නොයෙකුත් පැමිණිලි ලැබී ඇති අතර, පසුගිය දිනකදී උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කළ ව්‍යාපාරිකයෙකුට එරෙහිව විශාල දඩ මුදලක් නියම කර තිබෙනවා.
එමෙන්ම, ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ රට පුරා 12,982 වැටලීම් සිදුකර ඇති බවද ඔහු කියා සිටියා.
ඒ පිළිබඳව ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් :
“වතුර සම්බන්ධව අපට නොයෙකුත් පැමිණි වතුර බෝතල් සම්බන්ධව නොයෙකුත් පැමිණිලි අප වෙත ලැබෙමින් පවතිනවා. ඔබ දන්නවා පහුගිය දවස්වලත් අධිකරණය විසින් විශාල දඩ මුදලක් අය කළා යම් ව්‍යාපාරිකයෙක් සඳහා. ඒ නිසා මම නැවත වරක් මහජනතාවගෙනුත් ව්‍යාපාරික මහතුන්ගෙනුත් ඉල්ලීමට කැමතියි, නියමිත මුදලට වතුර බෝතල් ලබා දෙන්න පාරිභෝගික අධිකාරිය විසින් ඒ සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. එම ගැසට් පත්‍රයේ සඳහන් මුදලට ඔබ වතුර බෝතල් අලෙවි කරන්න.
එසේම සමහර ව්‍යාපාරික මහතුන් අපිට දැනගන්නට ලැබිලා තියෙනවා, සමහර ව්‍යාපාරික මහතුන් විශේෂයෙන් සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඇතිව හෝ වෙනත් යම් ආයතනයක අනුමැතියක් ඇතිව වැඩි මිලට විකිණීමේ අයිතිය තියෙනවා කියල සඳහන් කරලා, ඒ වගේම කූල් කරපු කූල් කරපු වතුර බෝතල් වැඩි මිලට විකුණනවා කියලා දැනගන්නට ලැබිලා තියෙනවා. එසේ කිරීමත් වරදක් ඒ නිසා මම ව්‍යාපාරික මහතුන්ට ඉල්ලීමක් කරනවා එ නිසා නියමිත මිලට වතුර බෝතල් නිකුත් කරන්න. කිසියම් ආයතනයක අනුමැතිය හෝ එහෙම නැතුව විශේෂ ශීතකරනයක යොදලා වතුර බෝතල් ලබාදීම මගීන් වැඩිපුරට වතුර බෝතල් විකිණීම නීති විරෝධී, ඒ නිසා නියමිත මිලටම වතුර බෝතල් නිකුත් කරන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි.
ඒ වගේම මම කියන්නේ කැමතියි පසුගිය ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා අප ආයතනය විසින් මේ වෙනකොට වැටලීම් දොළොස්දාස් නවසිය අසූ දෙකක් කරලා තියෙනවා රට පුරා අපේ ඉන්න නිලධාරී මහත්වරු විසින්.අපිට මේ ආයතනය විසින් මුදල් රැස්කිරීමේ අරමුණින් නෙමෙයි මේ කරන්නේ මහජනතාවට නියමිත සේවයක් ගුණාත්මක භාණ්ඩයක් නියමිත මිලට ලබා දීමේ අරමුණින් තමයි අපි මේ රාජකාරි කටයුතු කරන්නෙ.
ඒ නිසා ව්‍යාපාරික මහතුන්ගෙන් වගේම මහජනතාවගෙනුත් මම ඉල්ලා සිටීමට කැමතිගුණාත්මක භාණ්ඩයක් නියමිත මිලට ලබා දීලා මිනිසුන් තෘප්තිමත් කරන පාරිභෝගිකයන් තෘප්තිමත් කරන ව්‍යාපාරික ප්‍රජාවක් ඇති කිරීමත් හිතට ගන්න.”