පසුගියදා ඩුබායි හිදී පැවති 'South Indian International Movie Awards 2025 (SIIMA)' සම්මාන උළෙලේදී දෙමළ සහ මලයාලම් චිත්‍රපට කර්මාන්තවල ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් සම්මානයට පාත්‍ර විය.
මෙහිදී ප්‍රවීණ නළු සිවකුමාර් "සිනමාවට ඔහුගේ අසමසම දායකත්වය වෙනුවෙන්" විශේෂ සම්මානයකින් (The Exemplary Achievement Award) පිදුම් ලැබීය.
නිළි ට්‍රිෂා ද "දකුණු ඉන්දීය සිනමාවේ ඇයගේ අතිවිශිෂ්ට වැඩ වසර 25" වෙනුවෙන් ගෞරවයට පාත්‍ර විය.
SIIMA 2025 ජයග්‍රාහකයන් කිහිපදෙනෙක් (දෙමළ)
හොඳම චිත්‍රපටය: අමරන් (Amaran)
හොඳම අධ්‍යක්ෂක: රාජ්කුමාර් පෙරියාසාමි (Rajkumar Periasamy) (අමරන්)
හොඳම ප්‍රධාන චරිතයේ නිළිය: සායි පල්ලවී (Sai Pallavi) (අමරන්)
හොඳම Negative Role: අනුරාග් කාශ්‍යප් (Anurag Kashyap) (මහාරාජා)
හොඳම හාස්‍ය නළුවා: බාලා සරවනන් (Bala Saravanan) (Lubber Pandhu)
විචාරකයන්ගේ තේරීම - හොඳම අධ්‍යක්ෂක: නිතිලන් සාමිනාතන් (Nithilan Saminathan) (මහාරාජා)
විචාරකයන්ගේ තේරීම - හොඳම ප්‍රධාන චරිතයේ නළුවා: කාර්ති (Karthi) (මෙයෂාගන්)
විචාරකයන්ගේ තේරීම - හොඳම ප්‍රධාන චරිතයේ නිළිය: දුෂාරා (Dushara) (රායියන්)
නැගී එන තරුව: හරිෂ් කල්යාන් (Harish Kalyan) (Lubber Pandhu)
හොඳම සහය චරිතයේ නළුවා: කලෛයරසන් (Kalaiyarasan) (වාෂෛ)
හොඳම සහය චරිතයේ නිළිය: අභිරාමි (Abhirami) (මහාරාජා)
විශේෂ සම්මානය : සංජනා ක්‍රිෂ්ණමූර්ති (Sanjana Krishnamoorthy) (Lubber Pandhu)
හොඳම නවක අධ්‍යක්ෂක: තමිරසන් පච්චමුතු (Tamizharasan Pachamuthu) (ලබර් පන්ධු)
හොඳම නවක නළුවා: විජේ කනිෂ්කා (Vijay Kanishka) (හිට් ලිස්ට්)
හොඳම නවක නිළිය: ශ්‍රී ගෞරි ප්‍රියා (Sri Gouri Priya) (ලවර්)
හොඳම සංගීත අධ්‍යක්ෂක: ජීවී ප්‍රකාශ් කුමාර් (GV Prakash Kumar) (අමරන්)
හොඳම පසුබිම් ගායකයා: හරිචරන් (Haricharan)
හොඳම පසුබිම් ගායිකාව: සින්දුරි (Sinduri)
හොඳම ගීත රචකයා: උමාදේවි කුප්පන් (Umadevi Kuppan)
හොඳම කැමරා ශිල්පියා: චායි (Ch Sai) (අමරන්)