ලෝක ප්‍රකට ගායිකා ටේලර් ස්විෆ්ට් (Taylor Swift) සිය පෙම්වතා වන අමෙරිකානු පාපන්දු ක්‍රීඩක ට්‍රැවිස් කෙල්සි (Travis Kelce) එක්ක විවාහ ගිවිසගෙන.
මේ ගිවිස ගැනීම ගැන තොරතුරු මාධ්‍ය වෙත හෙළිකරලා තියෙන්නෙ, ට්‍රැවිස්ගේ පියා වන එඩ් කෙල්සි (Ed Kelce) විසින්.
ඔහුගේ සඳහනට අනුව ගිවිසගැනීම සිදුව ඇත්තේ සති දෙකකට පමණ පෙර, ට්‍රැවිස්ගේ නිවසේදී.
මුලින්, ට්‍රැවිස් මෙම යෝජනාව තවත් සතියකින් විශේෂ අවස්ථාවක් ලෙස පැවැත්වීමට සැලසුම් කරලා තිබුණත්, එඩ් තම පුතාට කියලා තියෙනවා එය ඕනෑම තැනකදී විශේෂ අවස්ථාවක් බවට පත් කළ හැකි බව.
ඒ අනුවයි, රාත්‍රී ආහාරය සඳහා පිටත්ව යාමට සූදානම්ව සිටියදී ට්‍රැවිස් විසින් ස්විෆ්ට්ව නිවසින් පිටතට කැඳවා, මෙම යෝජනාව කරලා තිබුණෙ.
ගිවිස ගැනීමෙන් පස්සෙ, ට්‍රැවිස් - ටේලර් දෙන්නම සිය දෙමාපියන්ට කතා කරලා මේ ගැන කියලා තිබුණා. ඉතින්, එඩ් කෙල්සි කියන්නෙ ඔවුන් එකට සිටිනවා දැකීම සතුටක් වුණු බව.
ඒත් එක්කම කාගෙත් අවදානය යොමුවුණු කාරණාවක් තමයි, ට්‍රැවිස් විසින් ටේලර්ට පළඳවන ලද මුදුව.
මේ මුද්ද සුප්‍රකට ස්වර්ණාභරණ නිර්මාණ ශිල්පී කින්ඩ්රෙඩ් ලූබෙක්ගේ (Kindred Lubeck) නිර්මාණයක් බව සඳහන්.
ඊට ඉහළ වටිනාකමකින් යුත් පැරණි පන්නයේ දියමන්තියක් ඇතුළත්.