කඳුරට ඡායාරූප සංගමය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ඡායාරූප ශිල්පි ප්‍රායෝගික වැඩමුළුව මෙවරත් (සැප්තැම්බර් 07) පැවැත්වුණා.
ඒ, පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේදී,
1969 වසරේ බිහිවූ කඳුරට ඡායාරූප සංගමය, දිවංගත ගරු ඩි. ජි. රණතුංග ශූරීන්ගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ වූවකි.
ඔහුගේ පරමාර්ථයව තිබුණේ සාමාජිකයන් හට නොමිලයේ ඡායාරූප ශිල්පය ඉගැන්වීමයි.
මෙහි ඉගැන්වීම් ක්‍රියාවලිය සුවිශේෂී වන්නේ, එය සාමාන්‍ය ඉගැන්වීමකින් ඔබ්බට ගොස් එක් අවුරුදු සහ තුන් අවුරුදු ඩිප්ලෝමාව ලබාගැනීම දක්වා ඉදිරියට යාමට අවස්ථා ලබාදීමයි.
වසර 56ක් ඉක්මවූ සංගමය සතුව මේ වන විට සිටින දෙස් විදෙස් සමාජිකයන් ගණන 1900 කට අධිකය.
ඒ අතර වෛද්‍ය, ඉංජිනේරු, අධ්‍යාපන, නීති, ආරක්ෂක, ක්‍රීඩා, සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතන යනාදී විවිධ ක්ෂේත්‍ර රැසක නියැලී සිටිමින් ඡායාරූප ශිල්පය හදාරන පිරිස් ද සිටීම විශේෂය.
පසුගියදා පැවති ප්‍රායෝගික වැඩමුළුව සඳහා සංගමයේ උපදේශක මණ්ඩලය, නිලධාරි මණ්ඩලය සමග සංගමයේ ගෞරව සම්මානලාභි මෙන්ම ඡායාරූප ඩිප්ලෝමාධාරී ඡායාරූප ශිල්පි දේශක තුෂාර ටී මල්ලවාරච්චි මහතා සහ ඉංජිනේරු එරන්ද ප්‍රදීප් රාජපක්ෂ යන මහත්වරුන් සහභාගීව සිටියා.
මේ සඳහා 2025 වසරේ ඡායාරූප ශිල්පය හදාරන හා ශ්‍රී ලංකාවේ නන් දෙසින් පැමිණි විද්‍යාර්තයින් සේම පැරණි සාමාජිකයින් ද සහභාගිවිම විශේෂ ය.
මෙම පාඨමාලාවේ දේශන, ප්‍රායෝගික වැඩමුළු සියල්ලම සිදුවන්නේ නොමිලයේය.
ඊට හේතුව මෙම දේශක මහත්ම මහත්මීන් ද කඳුරට ඡායාරූප සංගමයෙන් ඡායාරූප ඩිප්ලෝමව තෙක් සියළුම ශිල්පීය දැනුම ලබාගත්තේ නොමිලේ වීමයි.
එයට කෘතගුණ සැලකීමක් වශයෙන් මෙසේ පැමිණි දේශකයින් නව විද්‍යාර්ථයින් හට දැනුම ලබාදීම සිදුකෙරේ.
2025 විද්‍යාර්ථයන් විසින් මෙදින ගන්නා ලද ඡායාරූප ඇගයීමකට ලක්කර ඉදිරියේදී ඩී.ජී රණතුංග ශූරතා සම්මානය ලබා දී ස්ථාන තුනක් තෝරා සහතිකපත් දීමට ද කටයුතු කෙරෙනු ඇති.