
මෙවර T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ, පළමු අවසන් පූර්ව තරගය අද (04) පැවැත්වීමට නියමිතයි.
ඒ, දකුණු අප්රිකාව සහ නවසීලන්තය අතර කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්රීඩාංගණයේදී යි.
තරගය මෙරට වේලාවෙන් අද රාත්රී 7ට ආරම්භ වීමට නියමිතය.
දකුණු අප්රිකාව මූලික වටයේදී ඩී කාණ්ඩයෙන් තරග වැදුණු අතර, ඔවුන් අද තරගයට මුහුණ දෙන්නේ අපරාජිත කණ්ඩායමක් ලෙස වීම විශේෂයි.
ඒ අනුව, මෙම තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටින එකම කණ්ඩායම වන්නේ ද දකුණු අප්රිකාවයි.
නවසීලන්තය ද මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඩී කාණ්ඩයෙන් තරග වැදුණු අතර ඔවුන් මූලික වටයේ සහභාගි වූ තරග 4න් තරග 3ක් ජය ගනිමින් සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය.