
අත්ලාන්තික් සාගරය "ට්රම්ප් සාගරය" (Trump Ocean) ලෙස නම් කිරීමට තමන් ඉදිරිපත් කළ යෝජනාව ගූගල් සමාගමේ (Google) ප්රධානියා (Sundar Pichai) විසින් ප්රතික්ෂේප කළ බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා.
ඒ අනුව තමන් එම අදහස අතහැර දැමූ බවයි ට්රම්ප් සඳහන් කරන්නේ.
අදාළ සංවාදය සිහිපත් කරමින් ට්රම්ප් කියා සිටියේ, ගූගල් සිතියම්වල දැක්වෙන නම වෙනස් කිරීම සඳහා තමා ගූගල් ආයතනය සම්බන්ධ කර ගත් නමුත්, එම ඉල්ලීම ප්රතික්ෂේප වූ බවයි.
"මම අත්ලාන්තික් සාගරයේ නම 'ට්රම්ප් සාගරය' ලෙස වෙනස් කිරීමට Google Maps ඇමතුවා. සුන්දර් කිව්වා, 'නෑ, නෑ, නෑ,'' යනුවෙන්...
සාගරය බොහෝ රටවල් හරහා විහිදී පවතින නිසා එවැනි වෙනසක් කිරීමට නොහැකි බව සමාගම තමාට දැනුම් දුන් බවත් ට්රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
ජෝර්ජියා හි ඩෝල්ටන් (Dalton) හි පැවති මැතිවරණ රැලියක් අමතමින් ට්රම්ප් මේ බව සඳහන් කර තිබිණ.
යෝජිත ‘ට්රම්ප් සාගරය’ යන නම දැක්වෙන ඡායාරූපයක් ද තමා සමාගමට යවා තිබූ බව ද ඔහු එහිදී සඳහන් කර තිබේ.
කෙසේ නමුත් පසුව ට්රම්ප් ප්රකාශ කර තිබුණේ, තමා විහිළුවට එය පැවසූ බවත්, මෙම අදහස තමා කළ නරක ම යෝජනා අතර නොමැති බවත්ය.
භූගෝලීය ලක්ෂණ සිය නමින් නම් කිරීමට ට්රම්ප් දරන උත්සාහය ;
කැනඩාව සමඟ පවතින වෙළඳ යුද්ධයේ කොටසක් ලෙස 'ඔන්ටාරියෝ විල' (Lake Ontario) "ලේක් ඇමෙරිකා" (Lake America) ලෙස වෙනස් කිරීමට ඔහු අගෝස්තු මාසයේදී විධායක නියෝගයක් අත්සන් කරන ලදී.
පසුගිය වසරේදී මෙක්සිකෝ බොක්ක (Gulf of Mexico) "ගල්ෆ් ඔෆ් ඇමෙරිකා" (Gulf of America) ලෙස වෙනස් කිරීමට ද ඔහු මෙවැනිම පියවරක් ගනු ලැබිණ.
ඊට අමතරව 'හෝමුස් සමුද්ර සන්ධිය' (Strait of Hormuz) "ට්රම්ප් සමුද්ර සන්ධිය" (Trump Strait) ලෙස නම් කිරීමට ද ජනාධිපතිවරයා අදහස් පළකර තිබිණ.
මෑතකදී 'නිව් මෙක්සිකෝ' (New Mexico) ප්රාන්තයේ නම "නිව් ඇමෙරිකා" (New America) ලෙස වෙනස් කිරීමට ද ට්රම්ප්ගේ යෝජනාවක් විය.