
ඇමරිකා එක්සත් ජනපදය මතභේදාත්මක ලෙස සලකන මුහුදු මාර්ග ඔස්සේ නෞකාවලට ගමන් කිරීමට තවදුරටත් සහාය දක්වන්නේ නම්, කලාපයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ද ගැටුම්වලට ඇදී යා හැකි බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදා අණදෙන අංශය අනතුරු අඟවනවා.
ටස්නිම් (Tasnim) අර්ධ රාජ්ය පුවත් ඒජන්සිය වාර්තා කළ පරිදි, IRGC නාවික හමුදාව සඳහන් කර ඇත්තේ, බෝම්බ පවතින මුහුදු මාර්ග ඔස්සේ නීතිවිරෝධී ලෙස නෞකාවලට ගමන් කරන ලෙස ඇමරිකාව දිගින් දිගටම දිරිගැන්වීම හේතුවෙන් මුහුදු ආශ්රිත සිදුවීම් සංඛ්යාව ඉහළ යමින් පවතින බවයි.
“මෙම තත්ත්වය දිගටම පැවතුණහොත්, කලාපයේ සිටින ආක්රමණිකයන්ගේ හමුදා කඳවුරු දක්වා ගැටුම් ව්යාප්ත වනු ඇති බව ඇමරිකානු හමුදාව තේරුම් ගත යුතුයි. මෙය බරපතළ අනතුරු ඇඟවීමක්” යැයි එම ප්රකාශයේ සඳහන්.
මේ අතර, පර්සියානු ගල්ෆ් කලාපයේ නෞකා අතර තෙල් හුවමාරු කිරීමේ නිරතව සිටි නෞකා හතරකට තම හමුදා ප්රහාර එල්ල කළ බවත්, එම නෞකා ගිනිගත් බවත් IRGC මීට පෙර ප්රකාශ කරනු ලැබුවා.
එමෙන්ම, හෝමූස් සමුද්ර සන්ධියට බටහිර දෙසින් ගමන් කරමින් තිබූ තවත් නෞකා තුනක් මුහුදු බෝම්බවල ගැටී ඇති බව ද එම සංවිධානය සඳහන් කර ඇත.