
ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කැටවල හේමාලෝක නායක හිමියන් අද (නොවැම්බර් 23) පස්වරුවේ අපවත් වී තිබෙනවා.
කලක් අසනීප තත්ත්වයෙන් පසු වූ උන්වහන්සේ සුවය ලබමින් සිටියදී යළිත් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
උන්වහන්සේ අපවත් වී තිබුණේ, එලෙස රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී යි.
පූජ්‍ය කැටවල හේමාලෝක හිමි, විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස වඩාත් ප්රකටය.