
පැමිණිල්ලේ ප්රධාන සාක්ෂිකරුවකු ලෙස කැඳවා තිබූ සහකාර පොලිස් අධිකාරිවරයා
ලබා දුන් සාක්ෂිවල පැවැති බලවත් පරස්පරතා නිසා හෙරොයින් ග්රෑම් (40.71)
ප්රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේ පවරා තිබූ
නඩුවක විත්තිකරුවෙකු මාලදිවයින් ජාතික අබ්සාන් අබුදුල්ලා නැමැත්තා චෝදනා
වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරුලාල් රණසිංහ
බණ්ඩාර මහතා අද (23) නියෝග කළා.
හෙරොයින් ග්රෑම් 300කට අධික ප්රමාණයක් සමග සමග ගල්කිස්ස ප්රදේශයේදී මාලදිවයින් ජාතිකයන් දෙදෙනකු වලාන දූෂණ මර්දන ඒකකයේ විසින් 2015 මාර්තු 25 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණා
එකී විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් වෙන් වෙන් වශයෙන් මහාධිකරණයේ හමුවේ නඩු පවරා තිබුණි.
පෙර කී විත්තිකරුට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගයේදී විත්තියේ ප්රධාන සාක්ෂිකරුවකු ලෙස කැඳවා තිබූ සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරංග පෙරේරා හා නීතිඥ චමිදු පනාගොඩ මහතා හරස් ප්රශ්න නැගීමේදී අබ්සාන් අබ්දුල්ලා නැමැති විත්තිකරු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තමන්ට නොලැබුණු බව සාක්ෂිකරු අධිකරණය හමුවේ දිවුරුම් පිට සාක්ෂි දෙමින් පවසා සිටියා.
ලැබුණු රහසිගත තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී එකී විත්තිකරු අත්අඩංගුවට ගත් බවත් තම විමර්ශන කොට්ඨාශයේ අධ්යක්ෂකවරයාට ලැබී තිබූ රහසිගත තොරතුරක් අනුව එම වැටලීම සිදුකළ බවට ඔහු යටතේ සේවය කළ වැටලීමට සහභාගි වූ සෙසු සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී තිබියදිත් ප්රධාන සාක්ෂිකරුවකු වන සහකාර පොලිස් අධිකාරිවරයා මෙම විත්තිකරු පිළිබඳව රහසිගත තොරතුරු නොලැබුණු බව පැවසීම මගින් පැමිණිල්ලේ සාක්ෂි බිඳවැටී ඇති බවට විත්තියේ නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්නා.