
යාපනයේ කොලුම්පුතුරේ ප්රදේශයේ සිදු වූ යතුරු පැදි හා කැබ් රථ අනතුරකින් එකම පවුලේ සහෝදරයෙකු හා සහෝදරියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (17) ඔවුන් යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී කොලුම්පුතුරේ තුන්ඩුවන්ඩි ප්රදේශයේදී ඔවුන් ගමන් ගත් යතුරු පැදිය කැබ් රථයක ගැටීමෙන් මේ අනතුර සිදුව ඇත. සිද්ධියෙන් මියගොස් ඇත්තේ යාපනයේ මනියතෝට්ටම් ප්රදේශයේ පදිංචිව සිටි එස්. බෑඩ්ලි (24 ) හා එස්.ඩිලක්ෂි (19 ) නැමති සහෝදර සහෝදරියන් දෙදෙනාය. අනතුරෙන් බරපතල ලෙස තුවාල ලැබූ ඔවුන් දෙදෙනා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇතත් පසුව ඔවුන් මියගොස් තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.