
අද (17) රාත්‍රී 7.30 ට ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.
එමෙන්ම එළඹෙන සිකුරාදා (20) දිනයේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
පවතින දේශපාලන හා ආර්ථික තත්ත්වයන් මෙන්ම ඉදිරි රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී කරුණු පැහැදිලි කරනු ඇති.