
ජිප්සම් ප්ලාස්ටර් බෝඩ් (Gypsum plaster boards) ලෙස ප්රකාශ කරමින්
මෙරටට ආනයනය කරන ලද බහාලුමක සඟවා තිබූ වියළි කහ සහ කජු
තොගයක් රේගු නිවාරණ (මෙහෙයුම්) අංශය මගින් අත්අඩංගුවට ගෙන
තිබෙනවා.
මහනුවර, පන්විල ප්රදේශයේ පිහිටි සමාගමක් විසින් මෙම භාණ්ඩ තොගය
ආනයනය කර ඇති බව රේගුව පවසනවා.
මෙම බහාලුම පරීක්ෂා කිරීමේදී අදාළ ජිප්සම් බෝඩ් තුළ වියළි කහ සහ කජු
ඉතා සූක්ෂ්ම ලෙස සඟවා ඇති බව අනාවරණය වුණා.
රේගුවට ප්රකාශ නොකළ වියළි කහ කිලෝග්රෑම් 16,000ක් සහ වියළන ලද
කජු කිලෝග්රෑම් 1,150 ක් මෙලෙස රට තුලට ගෙනවිත් ඇති බව රේගුව
සඳහන් කළා.