
මහා භාණ්ඩාගාරයේ විදෙස් ණය පියවීමකදී අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්ව සිටියදී, ඊයේ (අප්‍රේල් 30) දින අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත් නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ රංග රාජපක්ෂ නම් අයයි.
මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට අධිකරණ වෛද්‍ය විශේෂඥයන් සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබේ.
මෙම නිලධාරියා සියදිවි හානි කරගෙන ඇති බව ඊයේ දින වාර්තා වූ නමුත්, එය නසා ගැනීමක් ද වෙනත් හේතුවක් ද යන්න පිළිබඳව මේ වන විට පොලිස් පරීක්ෂණ සිදුකෙරේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ දිනයේ සිදු කෙරුණු අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා දේහය කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.