
ඉතිහාසයේ පළමු වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (04) ඒකක 23,000 සීමාව ඉක්මවා ගොස් තිබෙයි.
දෛනික ගනුදෙනු සැසියක් අතරතුරදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,000 සීමාවට පැමිණි පළමු අවස්ථාව මෙය වන බව වාර්තා වෙයි.
ඒ අනුව අද (04) පෙරවරු 09.38 වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,001.27ක් ලෙස සටහන් වී ඇත.