
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි කජු තොගයක් සමග සැකකරුවන්
දෙදෙනෙක් කල්පිටියෙදි නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කල්පිටිය ආලන්කුඩා සහ බන්ගලාවත්ත වෙරළ ප්‍රදේශයවල නාවික හමුදාව
සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද
වියළි කජු තොගය අත්අඩංගුවට ගැනිමට හැකිවි තිබෙන බව සඳහන්.
මෙහිදි වියලි කජු කිලෝ ග්‍රෑම් එක්දහස් අටසිය හතලිහක (1840) පමණ තොගයක්
සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.
වියලි කජු තොගය ප්‍රවහනයට යොදාගත් ලොරි රථ දෙකක් (02) නාවික හමුදා භාරයට
ගනු ලැබුවා.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 ක් වන නොරෙච්චෝලේ සහ
ආලංකුඩා යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව පැවසෙන අතර, එම සැකකරුවන්,
වියළි කජු තොගය සහ ලොරි රථ දෙක (02) ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක
රේගු නිවාරන කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.