
නව මහාධිකරණ විනිසුරුවරයකු ලෙස එස්. සතීස්තරන් මහතා පත් කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එස්. සතීස්තරන් මහතා වෙත භාර දෙන ලදී.
අධිකරණ සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන එස්. සතීස්තරන් මහතා, චාවක්කච්චේරී දිසා විනිසුරුවරයෙකු ලෙස ද කටයුතු කළේය.