
මන්නාරමට උතුරු දෙසින් වු මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක්දි නීති විරෝධිව මෙරට මුහුදු සිමාවට ඇතුලුවු ඉන්දීය ධීවර යත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දේශීය ජල තීරය තුළ අනවසරයෙන් ඇතුලුවි ධීවර කටයුතු සිදු කරන ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් ශ්‍රි ලංකා නාවික හමුදාව නිරික්ෂණය කොට තිබෙනවා.
පසුව එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් නාවික හමුදා යාත්‍රා යොද ගෙන ක්‍රියත්මක කළා.
එහිදී, මෙරට මුහුදු සීමාව තුළ තවදුරටත් අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවකට නාවික හමුදාව නීත්‍යානුකූලව ගොඩවී පරීක්ෂා කළ අතර, දේශසීමා නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු එම ඉන්දීය ධීවර යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරනු ලැබුවා.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.