
ලක්සිරි සෙවා (Laksiri Seva) පුද්ගලික භාණ්ඩ නිෂ්කාශන ගබඩාවට අනුයුක්ත ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින්, ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් තුළ සූක්ෂ්ම ලෙස සඟවා මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෂීස් (Hashish) සහ අයිස් (ICE - Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.
මැලේසියාවේ සිට ගුවන් භාණ්ඩ ලෙස මෙරටට එවා තිබූ තෑගි පාර්සල්
දහයක් (10) පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනිමට
හැකිවි තිබෙනවා.
කොළඹ 10, 14 සහ 15 යන ප්‍රදේශවල පදිංචි ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකුගේ
ලිපිනයන් වෙත මෙම පාර්සල් එවා තිබුණා.
ඊයේ (04) සිදු කරන ලද මෙම පරීක්ෂාවේදී රේගු නිලධාරීන් විසින්
හෂීස් (Hashish) කිලෝ ග්‍රෑම් 51යි ග්‍රෑම් 07 ක් සොයා ගෙන ඇති අතර
ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 510.7කි
එමෙන්ම අයිස් (ICE) කිලෝ ග්‍රෑම් 1 යි ග්‍රෑම් 07 ක්ද සොය ගත් අතර එහි
ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 25.4 ක් බව ශ්‍රි ලංකා රේගුව
පවසනවා.
ඒ අනුව අත්අඩංගුවට ගත් මුළු මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන
536.1ක් පමණ වන බව සඳහන්.
මූලික විමර්ශනවලින් අනතුරුව, අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු
භාණ්ඩ ලෙස මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාර දී තිබෙනවා.