
කළුතර දකුණ පොලිස් වසමේ කළුතර අධිකරණ සංකීර්ණය තුළදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී සැකකරුවකු පලාගොස් තිබෙනවා.
ඊයේ (04) දින නඩු කටයුතු අවසන් කර බස් රථයට රැගෙන යාමට පෙර වැසිකිලි යාමට අවශ්‍ය බව පවසා ඇති බන්ධනාගාර රැඳවියා, එම රැඳවියන් භාරව පැමිණි නියාමකවරයාගෙන් මිදී අත් විලංගුව ද සමඟ මෙලෙස පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පලාගිය රැඳවියා සම්බන්ධයෙන් දකුණු කළුතර පොලිසිය සමග බන්ධනාගාර නිලධාරීන් විමර්ශන සිදුකරයි.
මෙලෙස පලාගොස් ඇත්තේ, ඇබ්ලට් වත්ත, ඇළ දූව, දොඩංගොඩ ලිපිනයේ පදිංචි සංගිලි පෙරුමාල් මුරුගන් ධනුෂ්ක කුමාර් නොහොත් අංකුට්ටා නම් 22 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු පසුගිය 27 වැනිදා (පෙබවරවාරි 27) අයිස් මත්ද්‍රව්‍ය 03g 610mg සමඟ කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන, දොඩංගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
අනතුරුව 28 වන දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරැති සැකකරු, මේ මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ අනුව, ඊයේ (04) දින සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ, ඔහුට පවතින වෙනත් නඩු කටයුත්තක් සඳහායි.
එහිදී නඩු කටයුත්ත අවසන්ව බන්ධනාගාර බස් රථයට නැගීමට ආසන්නව තිබියදී වැසිකිලි යාමට අවශ්‍ය බව පවසා මෙලෙස පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු සොයා බන්ධනාගාර නිලධාරීන්, කළුතර දකුණ, දොඩංගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර තිබේ.