
පසුනිය පැය 24 තුළ දිවයියෝ බොහෝ නාගරික ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය (SL AQI) මධ්‍යස්ථ පිට්ටමක පැවතුණු අතර යාපනය, පුත්තලම,ත්‍රිකුණාමලය,පොළොන්නරුව හා අනුරාධපුර සහ නාගාරවල සුළු වශයෙන් අනිතකර මට්ටමක පැවති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
පවතින කාලගුණික තත්ත්වය මත ඉදිරි පැය 24 තුළ වායුගුණ තත්ත්ව දර්ශකය 52-120 ත් අතර අගයක පැවතිය හැකි අතර දිවයියෝ බොහෝ නාගරික ප්‍රදේශවල වායුගුණ තාත්ත්ව දර්ශකය මධ්‍යස්ථ මට්ටමක පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශයේ දත්ත උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. යාපනය, පුත්තලම හා අනුරාධපුර යන නගරවල වායුගුණ තත්ත්වයේ සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවතිය හැකි බවට බලාපොරොත්තු වනවා. උතුරු දෙසින් පැමිණෙන දේශ සීමා ව්‍යාකූල තත්වය හේතුවෙන් මෙම දිනවල වායුගුණ තත්ත්ව දර්ශකය ක්‍රමයෙන් ඉහළ යා හැකි අතර මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස දැනුම් දෙනවා.
වායුගුණ තත්ත්ව දර්ශකයේ (SL AQI) උපරිම මට්ටම පෙරවරු 8 සිට පෙරවරු 9 දක්වාද පස්වරු 4 සිට පස්වරු 5 දක්වාද බලාපොරොත්තු විය හැක.