
හෝමුස් සමුද්‍ර සන්ධියේ නවතම තත්ත්වය පිළිබඳව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා ඕමානයේ සහ සෞදි අරාබියේ විදේශ අමාත්‍යවරුන් සමඟ දුරකථන සංවාද පවත්වා ඇති බව ඉරාන රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කරනවා. ඕමාන විදේශ අමාත්‍ය බද්ර් අල්බුසයිදි මහතා සහ සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු සමඟ පැවති මෙම දුරකථන සාකච්ඡාවලදී ද්විපාර්ශ්වික සහ කලාපීය නවතම වර්ධනයන් පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින අස්ථාවර තත්ත්වය අවම කිරීම සඳහා කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව සහ ඒකාබද්ධ රාජ්‍ය තාන්ත්‍රික ප්රයත්නයන් ඉදිරියට ගෙන යාමේ වැදගත්කමද දෙපාර්ශ්වය අවධාරණය කර ඇති බව IRNA පුවත් සේවය සඳහන් කරනවා. ඉරානය පවසන්නේ හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින අනාරක්ෂිත තත්ත්වයට එක්සත් ජනපදයේ “ආක්‍රමණශීලී ක්‍රියා” හේතු වී ඇති බවයි. එම තත්ත්වය පිළිබඳව කලාපීය රටවල් අතර සහයෝගීතාව වැඩිදියුණු කර ස්ථාවරත්වය ඇති කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ කටයුතු කළ යුතු බවද ඉරාන පාර්ශ්වය අවධාරණය කර ඇති බව සඳහන්.