
ඉරානය සමඟ එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත්, එරටේ පිකැක්ස් මවුන්ටන්' (Pickaxe Mountain) ලෙස හඳුන්වන ප්රදේශයට මෙන්ම පාලම් ඇතුළු අනෙකුත් ඉලක්ක වෙතද ප්රහාර එල්ල කළ හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් යළිත් අවධාරණය කර තිබෙනවා. අමරිකානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ Fox News නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය. "'පිකැක්ස් මවුන්ටන්' අපට විශාල ගැටලුවක් නොවේ.... මේ වන විට ඉරානය සම්බන්ධයෙන් අප සිටින්නේ ඉතා ශක්තිමත් ස්ථානයක" යැයි ඔහු සඳහන් කළා. එමෙන්ම, ඉරානයේ විදුලි බලාගාර සහ පාලම් වැනි යටිතල පහසුකම් ඉලක්ක කර ප්රහාර එල්ල කිරීම තම අපේක්ෂාව නොවන බවද ට්රම්ප් මෙහිදි ප්රකාශ කළා. "එවැනි ක්රියාමාර්ග ගැනීමට මම බලාපොරොත්තු වන්නේ නැහැ," යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.