
යුරෝපා පාපන්දු පිටියේ දැවැන්තම මංගල්‍යය ලෙස සැලකෙන යුරෝපා චැම්පියන්ස් ලීගයේ (UEFA Champions League) අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට ආර්සනල් (Arsenal) කණ්ඩායම සමත් විය.
2026 මැයි 5 වනදා එමිරේට්ස් ක්‍රීඩාංගණයේදී පැවති අවසන් පූර්ව වටයේ දෙවන අදියරේදී ඇට්ලැටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම ලකුණු 1-0ක් ලෙස පරාජය කරමින් ඔවුන් මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළේය.
ඒ අනුව දෙපිල අතර පැවති තරග දෙකේ සමස්ත ලකුණු තත්ත්වය 2-1ක් ලෙස පවත්වා ගනිමින්, වසර 20කට පසු චැම්පියන්ස් ලීගයේ අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලැබීමට ආර්සනල් (Arsenal) කණ්ඩායම කණ්ඩායමට හැකි විය.