රාගම, බටුවත්ත ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඊට ළමුන් 09 දෙනෙකු ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ, සපුගස් කන්ද ප්‍රදේශයේ පිහිටි පාසලක බාලදක්ෂයින් පිරිසක් බටුවත්ත මහා විද්‍යාලයේ ජම්බෝරියකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.
බස් රථය බැම්මක ගැටී, පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ ළමුන් 20 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
රාගම පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.