පවතින වැසි සමග ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කොට තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය ජාලාශය,අංගමුව ජලාශය සහ කලා වැව,කුරුණෑගල දැදුරු ඔය ජලාශය,මාතලේ ඉබ්බන්කටුව ජලාශය සහ මහනුවර පොල්ගොල්ල ජලාශයේ මෙලෙස වාන් දොරටු විවෘත කොට ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. රාජාංගනය ජාලාශයේ වාන් දොරටු 02 ක් අඩි 02 බැගින් ද,වාන් දොරටු 02 ක් අඩි 04 බැගින් ද,වාන් දොරටු 02 ක් අඩි 06 බැගින් ද විවෘත කර තිබෙන බව සඳහන්. අංගමුව ජලාශයේ වාන් දොරටු 02 ක් අඩි 05 බැගින් හා කලා වැව වාන් දොරටු 02 ක් අඩි 02 බැගින් විවෘත කර ඇත. කුරුණෑගල දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 02 ක් අඩි 01 බැගින් විවෘත කර ඇත අතර මාතලේ ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි 01 බැගින් විවෘත කර තිබෙනවා. මිට අමතරව මහනුවර පොල්ගොල්ල ජලාශයේ වාන් දොර වු 03 ක් අඩි 01 අඟල් 03 බැගින් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.